හෙන්රි ජයසේන නාට්‍යකාරයෙක් ද? නැත්නම් කවියෙක් ද?
එහෙමත් නැත්නම් නාට්‍යකාරයෙක් වූ කවියෙක් ද?
හෙන්රි ඉඳ හිට කවි ලිව්වා. පත්තරවලට. ළමයින්ට කවි පොත් කීපයක් ලිව්වා.
ජීවිතේ ගැන ඔහු කවි පොතක් කළේ එක ම එක වරයි.
ඒ පොතටත් ඔහු කලින් කල ලියූ ගීත කීපයකුත් ඇතුළත් කර තිබුණා.
හෙන්රිගේ කවිකම ගැන මහාචාර්‍ය සරත් විජේසූරිය දක්වන අදහස් මේ.