2010 වසරේ දී සිය ප්‍රථම කාව්‍ය සංග්‍රහය ‘හිතේ කෙටූ ටැටූ’ නමින් පළ කළ ඉන්දික ගුණවර්‍ධන ප්‍රේමය ආශ්‍රිත අනුභූතීන් විවිධ මානයන්නේ හා හැඩයන්ගෙන් විෂය කරගනිම්න් රසික කල්පනය පුබුදු කරලූ කාව්‍යක්කාරයෙකි.
අනේකකාර දෘෂ්ටිවාද නිසා අත්වි¼දින කාන්සිය, අහිමිවීම, වචනයට නගන්නට අසීරු භාවමය ජීවිතයට අදාළ මිනිස් හැඟීම් ඔහුගේ කවිවලින් වර්‍ණිතය.
විවෘත මනසින්; සීමා බන්ධන පනවා නොගමින් එනමුත් කවියකුට අවශ්‍ය සංයමය කෙරේ අවබෝධයෙන් ජීවන ලාලසාවේ පැහැදුල් වර්‍ණාවලීන් සහෘදයන් අභිමුවට පත් කරන කවියා භාවාතීශ තලයකට නොයමින් භාවමය ජීවිතය පොහොසත් කිරීමට වෙහෙසෙයි.
අකල්හී අප අතරින් වෙන් වූ ඉන්දික ගුණවර්‍ධනගේ නිර්‍මාන ජීවිතය මහාචාර්‍ය සරත් විජේසූරිය දකින්නේ මෙන්න මෙහෙමයි.