Priyanjala Senevirathne | ප්‍රියංජලා සෙනෙවිරත්න | Saman4You - Prog 367

Опубликовано: 15 Апрель 2025
на канале: Saman4You
603
8

මැද පන්තියේ ස්ත්‍රීන් අති බහුතරයගේ ජීවනයේ විඩාව උරුම කළ අන්ධකාරයක තනිවීම මාන කීපයකින් විදහා දක්වන්නට ප්‍රියංජලා සෙනෙවිරත්න ඇගේ මුල් ම කාව්‍ය සංග්‍රහය වූ ‘ශත වර්ෂ ගණනක නිහඬතාවක්’ (2024) ඔස්සේ උත්සුක වී තිබේ.
ඇගේ වියමන් තියුණු ය.
විදදරා ගැනීමේ වේදනාව තුළ සෝ සුසුම් - සන්තාප හා ආවේගයන් මුදා හරින්ට ඇය සිය කවිවලින් පියවර ගෙන ඇත.
මේ සියල්ලෙන් පිළිබිඹු වන්නේ ඇය ප්‍රථම කාව්‍ය සංග්‍රහය ඔස්සේ ඇයගේ අනන්‍යතාව ගොඩ නංවා ගෙන ඇති අන්දමයි. පුරුෂෝත්තම සමාජයක ස්ත්‍රියකගේ ඉරණම, ඛේදය සිය කවි ඔස්සේ ඇය පළ කරන්නේ අදීන ලෙසිනි.
පැහැදිලි ප්‍රස්තුතයක් විෂය කරගනිමින් ඇය රසිකයාගේ පරිකල්පන ඥානය අවදි කරනා’යුරු ප්‍රශස්තය.
ඇගේ කවි ගැන සම්මානිත මහාචාර්ය සරත් විජේසූරිය දක්වන අදහස් මේ.